ජනාධිපති විද්‍යාලයීය උසස් පෙළ අංශයට 2022 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා නියමිත දින සහ උපදෙස් මාලාව ලබා ගැනීමට පහත සබඳතා මත click කරන්න.
1983 වසරේ සිට මේ දක්වා ඉතා ඉහළ අ.පො.ස. (සා.පෙ.) සහ අ.පො.ස. (උ.පෙ.) ප්‍රතිඵල පවත්වා ගැනීමට හැකි වීම පිළිබඳව ජනාධිපති විද්‍යාලයට ඇත්තේ මහත් අභිමානයකි. මෙම පාසල බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යයන විශිෂ්ටත්ව හා විශේෂයෙන් අ.පො.ස.(සා.පෙ.) සහ අ.පො.ස. (උ.පෙ.) ප්‍රතිඵල අනුව කැපී පෙනෙන පාසලක් ලෙස පිළිගෙන ඇත.
වත්මන් විදුහල්පති ලෙස තිලක්මන් පද්මසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර එතුමා 2017 නොවැම්බර් මාසයේ දී අප පාසල හා සම්බන්ධ විය. ඔහු මනා සුදුසුකම්ලත් පළපුරුදු අධ්‍යාපන වෘත්තිකයෙකි. ඔහු තම වාණිජවේදී උපාධිය කැළණිය විශ්ව විද්‍යාලයෙන් ද පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ද හදාරා ඇත. එසේම ඔහු ජාතික අධ්‍යාපන ආයතනය යටතේ ගුරු පුහුණු පාඨමාලාව ද හදාරා ඇත.
ජනාධිපති විද්‍යාලයෙන් සිප් සතර හදාරන සියලුම සිසුන් ඉතා ඉහළ අධ්‍යාපනික අපේක්ෂා වලින් යුක්ත වේ. ජනාධිපති විද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව පුළුල් පරාසයක විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා යොමු කොට ඇත. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම කිසිදු පැකිලීමකින් තොරව මෙම කටයුතුවලට සහභාගි වේ.
2019 වර්ෂයේ අ. පො. ස. (සා.පෙ.) ලබා ගත් විශිෂ්ට ප්‍රතිඵල අනුව ජනාධිපති විද්‍යාලය ශ්‍රී ලංකාවේ රජයේ පාසල් 10175 ක් අතුරින් 25 වන ස්ථානය ලබා ගෙන ඇත. ජනාධිපති විද්‍යාලය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විශිෂ්ඨතම පාසල වේ. සෑම වසරකම ජනාධිපති විද්‍යාලයේ සිසුන් 90-100ත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීම තවත් කැපී පෙනෙන ජයග්‍රහණයකි. අධ්‍යාපනික විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් කටයුතු කරයි.
සිරි ලකඟන පැළඳුව රන් තැල්ලේ ඔබත් සුරත් මිණි කැටයකි දිදුළන සැරදේ සැරදේ ජනපති විදුහල් මෑණි සිරින් සැමදා//
කලාව විදු සාහිත දම් සිප්වර ලබනෙමු සිරස නමා ගුණ සිහිකර අපි වන්නෙමු එක හුය බැඳි මුතුහර වොරැඳෙමු ඔබ රූ මනාව හැඩ කර
දැය සනහන යහ ගුණ පිරි තරුවන් නිජ බිම සිරිතට හිත බැඳි සඳවන් අභිමන් වඩනා හෙළඹර හිරුවන් එබඳුය නිබඳව ඔබ වැඩු දරුවන්
දෙගුරුන් නැමදා ගුරු සිත නොබිඳා මෙත් සිත් පහදා බැති පෙම් උපදා ඔබ කිතු සමුදා රකිමිනි සැමදා මිනිසෙකු වෙමි මම ඔබ සෙවනේ